Home නිවස     Sinhala  Tamil  Home  
ශිල්ප සයුර ගැන උදචු අප අමතන්න කළමණාකරු සංස්කාරක
:   Print   TRL

About Shilpa Sayura

9/4/2006
ශිල්ප සයුර ICTA ඊ ශ්‍රී ලංකා වැඩ සටහනේ ඉසවි සමාජය (e-SDI) ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ ලබාදුන් රුපියල් මිලියන පහක ප්‍රදානයක් මත ඊ ෆියුෂන් ආයතනය විසින් ක්‍රියාත්මක වන ග්‍රාමීය සිසු අධ්‍යාපනය සවිමත් කරන තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ව්‍යාපෘතියකි.

සිසුවකුට ශිල්ප සයුර තුලින් අපොස සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යනය, සිංහල, පරිසරය හා චිත්‍ර, නර්තනය, සංගීතය ආදී සෞන්දර්ය විශයන් පිළිබඳ විශය දැනුමද, එම විශයන් හා සබැඳි විභාග සඳහා සූදානම් වීමටද අවකාශ ලැබේ.

ශිල්ප සයුර නැණසල හා ග්‍රාමීය පාසැල් පරිගණක ජාලවල ස්ථාපනය කෙරෙන අතර සිසුන්ට එයට තම දැනුම එකතු කිරීමටද, සමූහ සන්නිවේදනය හා සංවාද තුලින් දැනුම හුවමාරු කරගැනීමට පහසුකම් සපයන ස්වයං අධ්‍යනය සවිමත් කරන e-Learning මුදුකාංයක් හා තොරතුරු ගබඩාවකින් සමන්විතය.

මේ සඳහා විවිධ අධ්‍යාපන හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රවල වෘත්තිකයින්ද, පාසැල් ගුරුවරුන් හා සිසුන් විසින් දායකත්වය සැපයුනු අතර පාසැල් විශය මාලාව සමග දේශීය වශයෙන් වැදගත් වන තොරතුරුද ඇතුලත් කර ඇත.



   Top - Home